Ada-Derana-1140-X-60-S 1200 add-02

බුදුන් වහන්සේ නාගදීපයට වැඩි බක්පොහෝ දිනය අදයි! බෞද්ධයන් පන්සල් නොයන බක් පොහෝ දිනය අදයි!

84
11453136468821839297
add-01

ලොව පුරා සියලු බෞද්ධයන් මහත් හරසරින් සමරන බක් පොහොය දිනය අද (07) දිනට යෙදී ඇත.

බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි බුදුරජාණන් වහන්සේට චූලෝදර මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පළඟක් නිසා ඇති වු සටනක් වෙනුවෙන් නාගයන් කෙරෙහි කරුණාවෙන් ඔවුනට සුවසෙත් සදාදෙනු පිණිස බක්මස අවපසළොස් පොහෝදා අලුයම නාගදීපයට වැඩිම වීම සිදු විය.

බුදුන් වහන්සේගෙන් දහම් අසා නා රජවරු බුදුන් සරණ ගියහ. මණිඅක්ඛිත නා රජ බදුන් වහන්සේට කැළණියට වඩින ලෙස ආරාධනා කිරීමත් බක් අව පොහොයේ විශේෂත්වයකි.

එමෙන්ම සුද්ධෝදන රජතුමා ඇතුළු පිරිසට දහම් දෙසීමට මැදින් පොහොය දිනයේ ආරම්භ කළ ධර්ම චාරිකාව අවසන් කිරීම සිදු වූයේ ද බක් පොහොය දිනයේ දීය.

වෙනදා මෙන් එරබදු මලින් හා කොවුල් නාදයෙන් පිරී යන බක් මාසය මෙදා නම් එතරම් සුන්දර නැත ඉතිහාසයේ ප්‍රථම වතාවට පන්සල් නොයන බක් පොහොය දිනය මේ පොහොයයි.