Ada-Derana-1140-X-60-S 1200 add-02

බොකෝ හරාම් නායකයා මියගිය බවට තොරතුරු

211
11453136468821839297
add-01

නයිජීරියානු පාසල් දැරියන් සිය ගණනක් පැහැර ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බොකෝහරාම් ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස සැලකෙන අබූබකර් ෂෙකාවු අවි ගැටුමකදී ජීවිතක්ෂයට පත්වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් පළ වූ පුවත්පත් වාර්තා පිළිබඳව තහවුරු කිරීමක් අපේක්ෂාවෙන් පසුවන බව නයිජීරියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.

බොකෝහරාම් නායකයා අප්‍රිකානු චැඩ්විල ආශ්‍රිත සම්බිසා වනාන්තරයේදී මෙම ගැටුමට මුහුණදී ඇති බව සඳහන්.

බොකෝහරාම් සංවිධානයෙන් වෙන් වූ අයි.එස්. සංවිධානයට අනුබද්ධ බටහිර අප්‍රිකානු ඉස්වැප් සන්නද්ධ කණ්ඩායමයි ඔහුගේ බලකොටුව ආක්‍රමණය කර ඇත්තේ.

ප්‍රතිවාදී කණ්ඩායමේ ග්‍රහණයට පත්වීම වැළැක්වීම සඳහා බොකෝහරාම් නායකයා පිපිරවීමක් සිදුකර ගෙන ඇති බවට ද වාර්තා වනවා.