Ada-Derana-1140-X-60-S 1200 add-02

බොදුබලේ ඥානසාර හිමි ඝාතන සැලසුමක්…! විදෙස් සන්නද්ධ කල්ලියක් රටට රිංගයි…! වැඩ සිටින විහාරයට 24 පැය පොලිස් ආරක්ෂාව….!

114
11453136468821839297
add-01

බොදු බලසේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඝාතනය කිරීම සඳහා විදේශීය සංවිධානයක අන්තවාදී සන්නද්ධ පිරිසක් මෙරටට පැමිණ ඇතැයි බුද්ධි අංශය අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.

එම සන්නද්ධ පිරිස මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ඇති අතර මෙම කණ්ඩායම පුද්ගලයන් කිහිපදෙනකුගෙන් සමන්විත බව සඳහන් වේ.

මෙම තොරතුරු අනාවරණය කර ගැනීමත් සමඟ සිය ආරක්ෂාව පිළිබඳව පෙරට වඩා දැඩි අවධානය යොමු කරන මෙන් බුද්ධි අංශ ඥානසාර හිමියන් දැනුම්වත් කර ඇති අතර උන්වහන්සේ වැඩ සිටින විහාරස්ථානය වෙත පොලිස් ආරක්ෂාව ද සලසා ඇත.

ඥානසාර හිමියන්ගේ ක‍්‍රියාකාරකම් එක්තරා ආගමික ව්‍යාප්තියකට බාධාවක් වී ඇති බැවින් උන්වහන්සේ මෙසේ ඝාතනය කිරීමේ සැලැස්ම ක‍්‍රියාත්මක බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.