තම පවුලේ අය ගැන සහ තම පවුලේ ඉඩකඩම් ගැන ගම්වාසීන්ගෙන් ප්‍රශ්න කර ඇතැයි සිංහරාජ ආසන්නයේ ඉදිවන හෝටලයක් ගැන ‘සිරස ලක්ෂපති’ වැඩසටහනේදී කියා සිටි භාග්‍යය අබේරත්න සඳහන් කරයි.
එමෙන්ම අදාල පිරිසර විනාශය ගැන පොලිසිය විසින් තම නිවසට පැමිණ ප‍්‍රශ්ණ කල බවත් ඇය පවසයි.
අදාල ඉඩම්වල අයිතිය ගැන තමන් කිසිවක් නොදන්නා බවත් තමන් උදේ හවස දකිනා පරිසර විනාශය ගැන පොලිසියට පැවසූ බවත් ඇය කියයි.
සිංහරාජ ආසන්නයේ අලිමංකඩක් අවහිර කරමින් සිදු කරන බව කියන ඉදිකිරීම් සම්බන්ධයෙන් ‘සිරස ලක්ෂපති’ වැඩසටහනේදී ඇය විසින් හෙලි කිරීමෙන් පසු සමාජ ජාලවල ඒ ගැන මහත් ආන්දෝලනයක් ඇති විය.