Ada-Derana-1140-X-60-S 1200 add-02

“මම අසරණ සතුන්ට පිහිට වෙන්නේ කැමැත්තෙන් ” බල්ලන් 10 ක් බළලුන් 11 එක්ක දිවි ගෙවන පූජනි

289
11453136468821839297
add-01

පුජනි භාග්‍යා  කියන මේ අපූරු නිළිය මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ 2010දී දරුවනේ චිත්‍රපටය හරහා.

ඉන් අනතුරුව පාසල් අධ්‍යාපනයෙන් පසුව 2018 වර්ෂයේ දී හිරු අවුරුදු කුමරිය ලෙස ඇය අභිෂේක ලබනවා.

එතැන් පටන් මේ අපූරු රූප සුන්දරිය හඳුනාගන්නා ක්ෂේත්රයේ  අද්‍යක්ශකවරු ඇය නොයෙකුත් ටෙලි නිර්මාණයන් සඳහා  යොදාගත්තා.

අවුරුදු කුමරි උනාට පස්සේ  “හුස්මක් තරමට ” ටෙලි නාට්‍යයේ රඟපාන්න ඇයට අවස්ථාව උදා වුණා. ඒ වගේම “නාඩි” ටෙලි නාට්‍යය හා “අහස් මාලිගා ” ටෙලි නාට්‍ය හරහා ඇයට ප්‍රේක්ෂක පිරිස දන්න කියන නිළියක් වෙන්න අවස්ථාව උදා වුණා.

ඇය සඳහන් කරන්නේ ඇගේ වෘත්තිය රංගනය කියලයි. ඉතින් ඇය පසුගිය දිනවල විවාහ වුණා කියලත් කට කතාවක් පැතිරුණා.නමුත් පූජානි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නෙ දක්වන්නෙ මෙන්න මෙහෙම.

“ඒ photo shoot එකට කළ ඡායාරූප පෙළක් විතරයි. මේ නිසා මටත් අනෙක්  ශිල්පියාටත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණා. හැමෝම ඇහුවේ බැඳල ද කියලයි.”

ඉතින් එයාකාරයෙන් අදහස් දක්වන පුජානි විනෝදාංශයට කරන්නේ සුරතල්  සතුන් ඇතිකරන එක. ඉතින් ඒ පිළිබඳව ඇය අදහස් දක්වන්නෙ මෙහෙමයි.

“දැන් බල්ලන් 10ක් සහ බළලුන් 11 ක් විතර ඉන්නවා. මේ ඔක්කොමල පාරේ අසරණ  වෙලා සිටියදී අරන් ගිහින් හදාගත්ත සතුන්. එයාලට උදේට දවල්ට කෑම හදන්නත් ඕනෑ. හැබැයි ඒක මට වදයක් නෙවෙයි. එයාලා නිසා මට හදිස්සියේ ගමනක් යන්න වත් විදිහක් නැහැ. ඒත් අසරණ සතුන්ට මම පිහිට වෙන්නේ කැමැත්තෙන්.”

යනුවෙන් ඇය සඳහන් කරනවා. ඒ වගේම ඇය සඳහන් කරන්නේ සැබෑ ජීවිතයත් රඟපෑමක් කරගත්ත බොහෝ දෙනෙක් ඉන්නවා කියලා. නමුත් සැබෑ ජීවිතයේ කියන්නේ රඟපෑම නෙවෙයි කියලා හැමෝම තේරුම් අරගෙන මේ ක්ෂේත්‍රය තුළ ඉන්න ඕනේ කියලා ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.