වර්තමානය වන විට අපි දන්න කියන බොහෝ ප්රසිද්ධ කලා තරු රැසකගේ ආදරණීය දුවාදරුවනුත් කලා ලෝකයත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ තාත්තා නිසා කලා ලෝකයට එන්න වාසනාව ලබපු හරි අපූරු චරිතයක් තමයි මේරියන්ස් සංගීත කණ්ඩායමේ නලින් පෙරේරා ගේ ආදරණීය දියණිය
ඇය නමින් ස්වේතා මේලි පෙරේරායි. ඇය පුංචි කාලේ ඉඳන් ආදරණිය තාත්තත් එක්ක තිබිලා තියෙන්නේ හරි පුදුම බැඳීමක්. ඒ වගේම අදටත් ඇගේ ජීවිතයේ තාත්තට හංගන කිසිම දෙයක් නැහැලු. එක්තරා අවස්ථාවකදී ස්වේතා පුවත් පතකට තාත්තා අම්මා ඇතුලු පවුලේ සැමටත් එක්ක ගත කරන ජීවිතය පිළිබඳව අදහස් හුවමාරු කරගත්තා. ඉතින් ඇය ඒ ආකාරයෙන් සඳහන් කරපු අදහස් කීපයක් අපි හිතුවා ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඇය කියූ විශේෂිත කරුණු කීපයක් පහතින් උපුටා දක්වා ඇත.
“මම පුංචි කාලේ ඉඳලා තාත්තට හරිම ආදරෙයි ඒ නිසා තාත්තා වෙන ගෑණු අයත් එක්ක සින්දු කියනවට ඉස්සර මම පොඩ්ඩක්වත් කැමැති නැහැ. ඉස්සර තාත්තා වෙන ගෑනු කෙනෙක් එක්ක ටීවී එකේ ඉන්නවා දැක්කොත් මම දුවලා දුවලා ගිහින් ටීවී එකට කෙල ගහනවලු.
පුංචි කාලේ ඉඳලා තාත්තා මල්ලිට වත් මටවත් අරක කරන්න එපා මේක කරන්න එපා කියලා නීති දාලා නැහැ තාත්තා අපිට හරියට අපේ යාලුවෙක් වගේ පොඩි කාලෙ ඉඳලම මම හැමදේම තාත්තට කියනවා. කෙටියෙන් කිව්වොත් තාත්තයි මායි අතර කිසිම රහසක් නෑ හැබැයි හරි වැරැද්ද මොකද්ද කියන එක තාත්තා අපට නිතරම කියලා දෙනවා.