ශ්‍රී ලංකාව තුළ ලොක්ඩවුන් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමෙන් මිනිස් ජීවිතවලට සහ ආර්ථිකයට එල්ලවන බලපෑම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුග්‍රහයෙන් ඊයේ (26) පැවැත්වූ මාර්ගගත සම්මන්ත්‍රණයදී වැදගත් කරුණු රැසක් අනාවරණය වී තිබේ.
දෙස් විදෙස් ස්වාධීන විශේෂඥයින් 33 දෙනකු සහභාගි වූ එම සම්මන්ත්‍රණයේදී ප්‍රකාශ වී ඇත්තේ, අගෝස්තු මස 30 වනදායින් පසුව ලොක්ඩවුන් ක්‍රමවේදය ඉවත් කළහොත් කොවිඩ් මරණ 16,700ක් දක්වා ඉහළ යා හැකි බවය.
කෙසේවෙතත්, එහිදී ආර්ථිකයට සිදුවන බලපෑම අමෙරිකානු ඩොලර් බිලියන 1.12ක් වන බව එහිදී විශේෂඥයින් ප්‍රකාශකර තිබේ.
කෙසේවෙතත්, සැප්තැම්බර් 18 වනදා දක්වා ලොක්ඩවුන් ක්‍රමවේදය ක්‍රියාත්මක කළහොත්, මරණ සංඛ්‍යාව 13,712 දක්වා අඩු කරගත හැකි බවත් ආර්ථිකයට සිදුවන පාඩුව අමෙරිකානු ඩොලර් බිලියන 1.67ක් වන බවත් විශේෂඥයින්ගේ මතය වී තිබුණි.
එමෙන්ම ලොක්ඩවුන් ක්‍රමවේදය ඔක්තෝබර් මස 2 වනදා දක්වා ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවට සිදුවන ආර්ථික පාඩුව අමෙරිකානු ඩොලර් බිලියන 2.2ක් වන අතර කොවිඩ් මරණ සංඛ්‍යාව 10,400 දක්වා අඩු කරගැනීමට හැකිවනු ඇති බව විශේෂඥයින්ගේ පුරෝකථනය වී තිබුණි.
එම තොරතුරු ඇතුළත් වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව වාර්තා වේ.