අගෝස්තු මාසයට අදාළව ගෙවීමට ඉතිරිව ඇති මහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් 2021.09.01 සහ 02 යන දිනවල ලබාදෙන බව තැපැල් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව අදාළ දින දෙක තුළ තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘතව පවතී.
දීමනා ලබාගැනීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කරන ලෙසද තැපැල් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.