Ada-Derana-1140-X-60-S 1200 add-02

මහනුවර රෝහලේ කාර්ය මණ්ඩලය ගුටි කෙලියක…

247
11453136468821839297
add-01

මහනුවර ජාතික රෝහලේ ආරක්ෂක නිලධාරීන් සහ ගිලන් රථ රියදුරන් පිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ.

ඒ හේතුවෙන් ආරක්ෂක නිලධාරීන් තිදෙනකු හා ගිලන් රථ රියදුරකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ගැටුමට හේතු වී ඇත්තේ රෝහලේ ආරක්ෂක නිලධාරියෙකු රැගෙන ගිය කුඩයක් ගිලන් රථ රියදුරකුගේ ඇඟේ වැදීමෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමයි.

පසුව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වරයා මැදිහත්වී එය සමතයකට පත් කර තිබේ.