Ada-Derana-1140-X-60-S 1200 add-02

මහමඟ ගමන්කරන පුද්ගලයින්ට අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

227
11453136468821839297
add-01

නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබියදී විවිධ හේතූන් මත මහාමාර්ගයේ ගමන්ගත් 100 දෙනෙකුව අලුත්ගම දර්ගා නගරයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට බලධාරීන් කටයුතු කළේය.

අලුත්ගම පොලිස් නිලධාරීන් හා බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව එම කටයුතු ක්‍රියාත්මක කළ බව අප වාර්තාකරු පැවසීය.

එහිදී පුද්ගලයින් 8 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබුණි.

මේ අතර ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 4602 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 412,370ක් දක්වා ඉහ‍ළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවේ සඳහන් වෙයි.