Ada-Derana-1140-X-60-S 1200 add-02

මාලදිවයිනේ හිටපු ජනපති නෂීඩ්, සුව අතට

89
11453136468821839297
add-01

බෝම්බ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ මාලදිවයිනේ හිටපු ජනපති සහ වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ්ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇති බව මාලේ වාර්තා සඳහන් කළා.

ඔහුගේ පවුලේ සාමාජිකයන් එරට මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ අද පස්වරුවේ නෂීඩ්ගේ ජීවිතාරක්ෂක සැපයුම් ඉවත් කෙරුණු අතර දැන් ඔහුට තනිවම ශ්වසනය සිදුකළ හැකි බවයි.

පෙරේදා රාත්‍රියේ සිය නිවස ඉදිරිපිට පිපිරීගිය යතුරුපැදි බෝම්බයකින් තුවාල ලැබූ හිටපු ජනපති නෂීඩ් මාලේ නුවර රෝහලකට ඇතුළත් කෙරුණා.

ඔහුගේ ශරීරයේ සිදුවූ කැපීම් තුවාල වලට පැය 16 ක ශල්‍යකර්ම සිදුකර තිබෙනවා. 53 හැවිරිදි නෂීඩ් අද පස්වරුවේ අදහස් හුවමාරු කර ගැනීමට සමත්වී ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ ප්‍රගතිය පිලිබඳව සතුටුවිය හැකි බවයි වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ.