Ada-Derana-1140-X-60-S 1200 add-02

මාස 02කට පසු ඩොලරයේ මිල ඉහළ ගිය බව මහ බැංකුව කියයි. ඉතිහාසයේ වැඩිම විකුණුම් මිල අද

246
11453136468821839297
add-01

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (31) දිනයේ දී රු. 204.89 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන පෙන්වා දේ. මෙය මෙතෙක් ඉතිහාසයේ ඒක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් ‌වාර්තා වූ වැඩිම ‌රුපියල් අගය වේ. මීට පෙර වාර්තා වූ ඉහළම අගය වූයේ 2021 අප්‍රේල් 15 දින ඩොලරයේ විකුණුම් මිල රු. 204.62 ක් ලෙසින් වාර්තා වීමයි.

මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල අද දිනයේ දී රු. 198.90 කි.

ඩොලරයේ විකුණුම් මිල මෙලෙස අද දින විචලනය වූයේ 2021 ජූනි 23 දිනෙන් වීම විශේෂත්වයකි. ඒදින සිට ඊයේ දින දක්වා රු. 202.89 ක ස්ථාවර අගයක ඩොලරයේ විකුණුම් මිල පැවතුණි.

පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය ජූනි 01 දින සිට මේ දක්වා ඒක්සත් ජනපද ඩොලරයක් ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වූ ආකාරයයි.