Ada-Derana-1140-X-60-S 1200 add-02

මැණික් ව්‍යාපාරිකයින් ගේ නිවෙස්වලට පැන සොරකම්කළ දෙදෙනෙක් අත්අඩංගුවට

31
11453136468821839297
add-01
බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වලට ඇතුළු වී මැණික් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (13) පස්වරුවේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සොරකම් සිදු වූ නිවෙස්වල තිබූ සීසීටීවී දර්ශන උපයෝගිකර ගනිමින් සිදුකළ විමර්ශනවලින් පසුව මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ සවස බේරුවල දුම්රිය ස්ථානය අසල සිටිය දී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ “ගලේ කපිල” ලෙස හඳුන්වන 43 හැවිරිදි පුද්ගලයකු සහ 28 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම කල්ලියේ තවත් සාමාජිකයන් දෙදෙනෙකු සිටින අතර මෙම පිරිස මහනුවර දවුලගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
මෙම පිරිස මහනුවර සිට දුම්රියෙන් පැමිණ සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ දී ගෙවල් බිඳ මෙලෙස මැණික් ගල් සොරකම් කර ඇති බව පොලීසිය පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබූ බෑගයක සූක්ෂම ලෙස සඟවා තිබු මැණික් ගල් 62ක් සහ මුදලින් රුපියල් 15,000ක් පොලීසිය සොයාගෙන ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා මීට පෙර ද දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ සොරකම් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණ මගින් දඬුවම් ලබා ඇති පුද්ගලයන් බව අනාවරණය වී තිබේ.
පොලීසිය පැවසුවේ මෙම සැකකරුවන් සොරකම් කරන ලද මැණික් ගල් විකුණා මත්ද්‍රව්‍ය භාවිත කිරීමට පුරුදුව ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (14) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා බේරුවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.