Ada-Derana-1140-X-60-S 1200 add-02

මැතිවරණ කොමිසමේ සභාපති ගැන පරීක්‍ෂණයක්.. ඔහු රහස් හමුවකලු…

47
11453136468821839297
add-01
මැතිවරණ කොමිසමේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් සමග රහසිගත සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා සඳහන් කරයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කොමිසමේ පැහැදිලි බෙදීමක් තිබියදී නිල නොවන මට්ටමින් සිදු වූ බව කියන මෙම හමුව ගැන විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇති බවයි.
මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්වීම පිළිබඳව උපදෙස් ලබා ගත යුත්තේ නීතිපතිවරයාගෙන් පමණක් බවද පවසන මන්ත්‍රීවරයා නීතියට පරිබාහිර පුද්ගලයෙකු ගෙන අදහස් විමසීම මැතිවරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක් වීමක් බවත් පෙන්වා දුන්නේය.