Ada-Derana-1140-X-60-S 1200 add-02

මැලේසියාව හෙට සිට වැසෙයි

229
11453136468821839297
add-01

කොරෝනා ආසාදිතයන් ඉහළ යාම නිසා මැලේසියාව හෙට සිට මුළුමනින්ම වසා දමන බව එරට අග්‍රාමාත්‍ය මොහිදීන් යාසිම් ප්‍රකාශ කළා.

ඒ අනුව සුපිරි වෙළඳසැල්, ඔසුසැල් ඇතුලු අත්‍යවශ්‍ය සේවාවන් හැරුණු කොට සියලු ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් සති දෙකකට වසා තැබෙන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය ජනවාරි මාසයේ සිට මැලේසියාව හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, මීට පෙර පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමටයි එරට රජය පියවර ගෙන තිබුණේ.

ගතවූ පැය විසි හතර තුළ නව ආසාදිතයන් 9,020 දෙනෙකු වාර්තාවීමත් සමඟ එරට මුළු ආසාදිත සංඛ්‍යාව 558,534 ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම මරණ 98 ක් අලුතින් වාර්තාවී ඇති අතර, ඒ අනුව මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2,650ක් ලෙසයි.