Ada-Derana-1140-X-60-S 1200 add-02

මියන්මාරයේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වී 12 දෙනෙකු ජීවිතක්ෂයට

91
11453136468821839297
add-01

මියන්මාරයේ හමුදා ගුවන් යානයක් එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේහිදී අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව නගරයේ ගිණි නිවන සේවාව ප්‍රකාශ කළා.

නේපිඩෝ අගනුවර සිට ප්‍රාදේශීය නගරයක් වෙත පියාසර කරන අතර තුල එය හදිසියේ කඩා වැටී ඇත්තේ වානේ කම්හලක් ආසන්නයටයි.

යානයේ හමුදා සාමාජිකයන් 6 දෙනෙකු මෙන්ම ආගමික උත්සවයක් සඳහා යමින් සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක්ද ගමන් කර තිබෙනවා.

නියමුවා සහ එක් මගියෙකු දිවි ගලවාගෙන ඇති අතර ඔවුන් රෝහල් ගත කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.