2024 වසර වන විට මෙරටට මිරිස් ආනයනය සම්පුර්ණයෙන්ම නතර කිරිමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ගලබොඩ වත්තේ අක්කර 100 ක කාබනික පොහොර සහ නව තාක්ෂණය යොදා ගනිමින් සාර්ථකව සිදු කරනු ලබන මිරිස් වගාව නිරික්ෂණය කිරිම සදහා (11) දින පස්වරුවේ ගලබොඩ වත්තට පැමිණි අවස්තාවේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිණි.
දැනට මෙරටට අවශ්‍ය මිරිස් සම්පුර්ණයෙන්ම ආනයනය කරන බවත්,මධ්‍යම පලාත තුල මිරිස් වගාවට අවශ්‍ය බිජ නිෂ්පාදනය කරන බවත්, ඉදිරියේදි දිවයිනේ විවිධ ප්‍රදේශවල අක්කර 3000 ක මිරිස් වගාව සාර්ථකව සිදු කිරිමට තම අමාත්‍යංශය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පැවසිය.
ඉතා දුෂ්කර වතු යායක් වු නාවලපිටිය ගලබොඩ වත්තේ තරුණයන්ය එම වත්තේ තේ වගා නොකල මුඩු ඉඩම් වලින් අක්කර 100 ක් අක්කර ½ බැගින් ගිවිසුමක් අනුව ලබා දි ඇති බවත්, ඉදිරියේදි තවත් අක්කර 100 ක් රැකියා විරහිත එම වතු යායේ තරුණයන්ට මිරිස් වගාව සදහා ලබාදෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
විපක්ෂය පවසන පරිදි ගලබොඩ දිය ඇල්ලට කිසිදු හානියක් සිදු කර නොමැති බවත්,තේ වතුඉඩම් පෞද්ගලික අංශයට පැවරිමට කිසිදු අදහසක් නොමැති බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.