පෘථිවියේ උත්තරධ්‍රැවයට ආසන්නතම දිවයින සොයා ගත් බව විද්‍යාඥයන් පවසනවා.
ග්‍රීන්ලන්ත වෙරළට ඔබ්බෙන් පිහිටි ඌඩාක් ලෙස හැඳින්වෙන මෙම දිවයින 1978 වසරේ සිට හඳුනා ගනු ලැබුවා.
කෙසේ නමුත්, එහි පිහිටීම යළි පරීක්ෂා කිරීමේ දී හෙළි වී ඇත්තේ, එය කලින් පිහිටා තිබූ බව සැලකුණු ස්ථානයට වඩා මීටර් 800ක් උතුරෙන් පිහිටා ඇති බවයි.
ඒ අනුව, එය උත්තරධ්‍රැවයට ආසන්නතම දිවයින ලෙස සැලකිය හැකි බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
මෙම දිවයින ඇතුළු ග්‍රීන්ලන්තයේ විශාල ප්‍රදේශයක් අයත් වන්නේ ඩෙන්මාර්කයටයි.