ඉන්දීය බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය ශ්‍රී ලංකික නිළියක් වන ජැකලීන් ෆර්ඩිනැන්ඩස් ගෙන් මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධව සාක්ෂි සටහන් කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඇය ගෙන් පැය 5ක පමණ කාලයක් සාක්ෂි සටහන් කරගත් බව ඉන්දීය පරීක්ෂණ නිලධාරීන් පැවසීය.
“ඇය චූදිතයෙක් නොවෙයි. නමුත් ඇයගෙන් සාක්ෂි ලබාගත්තා වංචාකරුවෙක් වන සුකේෂ් චන්ද්‍රසේඛර් ට එරෙහිව විභාග කෙරෙන නඩුවක් සම්බන්ධයෙන්,” ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරීන් පැවසීය.
චන්ද්‍රසේඛර් සිය බිරිඳ වන ලීනා පෝල් යොදාගෙන 36 හැවිරිදි ෆර්ඩිනැන්ඩස් ට වංචාකර ඇති බව සඳහන් වෙයි.
බොලිවුඩ් සිනමාවට සම්බන්ධ තවත් පුද්ගලයෙක් ව ඉලක්ක කිරීමට චන්ද්‍රසේඛර් ප්‍රයත්න දරා ඇති බවද විමර්ශන නිලධාරීන් පැවසීය.
ඉන්දීය රුපියල් බිලියන 2කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සුරේෂ් චන්ද්‍රසේඛර් සහ තවත් කිහිපදෙනෙකුට එරෙහිව දිල්ලි පොලීසිය ආර්ථික වැරදි සම්බන්ධයෙන් විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.