Ada-Derana-1140-X-60-S 1200 add-02

මෘත දේහයක් මාරු කරලා රෝහලේ ජංජාලයක්… PCR කරලා.. කොරෝනා මල සිරුරුත් පෙන්නලා…

85
11453136468821839297
add-01

නිකවැරටිය මූලික රෝහලෙන් වයස අවුරුදු 66 ක කාන්තාවකගේ මෘත දේහයක් මාරුකර වෙනත් පාර්ශවයකට දීම හේතුවෙන් ඊයේ (30) රාත්‍රියේ රෝහල අසල නොසන්සුන් තාවයක් ඇතිවිය.

නිකවැරටිය තරණගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ඩී. පොඩිනෝනා නැමැති අය අසනීප තත්වයක් හේතුවෙන් පසුගිය 29 දින නිකවැරටිය රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ දීම මියගොස් ඇත. එහිදී රරෝහලෙන් ඥාතීන් හට පවසා ඇත්තේ දේහය පී.සී.ආර්. පරීක්ෂණය සදහා යොමුකල යුතු බැවින් දේහය රැගෙන යාමට රෝහලෙන් දැනුම්දීමක් කළ පසු පැමිණෙන ලෙසයි.

ඒ අනුව ඊයේ (30) සවස එම ඥාතීන්ට නිකවැරටිය රෝහලෙන් දැනුම් දී ඇත්තේ පී.සී. ආර්. වාර්තාව අනුව මියගිය කාන්තාවට කොවිඩ් 19 වෛරසය වැළදී නොමැති බවත් පැමිණ දේහය බාරගන්නා ලෙසයි.

නමුත් රෝහලට ගිය ඥාතීන්ට බාරදී ඇත්තේ වෙනත් මියගිය කාන්තාවකගේ දේහයකි. ඥාතීන් එම දේහය බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර එම අවස්ථාවේ දී නොසන්සුන්තාවයක් ඇතිව තිබේ. පොලිසිය ද එම ස්ථානයට පැමිණ සිද්ධිය සමතයකට පත්කර ඇත්තේ අද ( 01) දිනයේදී විසදුමක් ලබදෙන බවට පොරොන්දුවක් ලබාදීමෙනි.

රෝහලේදී අනාවරණය වී ඇත්තේ මෙසේ මියගිය පොඩි නෝනා නැමැති අයගේ දේහය මහව නිකවලයාය ප්‍රදේශයේ සිට පැමිණ රෝහල් ගතව සිට මියගිය ජේපින් නෝනා නැමැති අයගේ දේහයට මාරුවී රැගෙන ගොස් ඇති බවයි. එම දේහය රැගෙන ගිය මහව ප්‍රදේශයේ ඥාතීන් පිරිස දේහය කැකිරිබොඩයාගම ආදාහනාගාරයේදී ආදාහනය කර ඇත.

තම මවගේ දේහය රැගෙන යාමට පැමිණි නිකවැරටිය තරණගොල්ල ඥාතීන් හට රෝහල් සේවකයින් විසින් එම අවස්ථාවේ රෝහලේ තිබූ සියලුම මෘත දේහ පන්වා ඇති අතර කොවිඩ් ආසාදිතව මියගිය දේහයක්ද පෙන්වූ බව ඥාතීහු කියති.

නිකවැරටිය රෝහලේ වෛද්‍ය අධිකාරි පමිල අධිකාරි මහතා කියා සිටියේ ගැටලුව සමතයකට පත් නොවූයෙන් මෘත දේහය මුදාහැරීමට කටයුතු කළ රෝහල් සේවකයින් , එම මෘත දේහය රැගෙන ගිය මහව ප්‍රදේශයේ ඥාතීන් සහ දැනට අපහසුතාවයට පත්ව සිටින නිකවැරටිය තරණගොල්ල ප්‍රදේශයේ පිරිසද කැදවා සාකච්ඡාවක් පවත්වා ඉදිරි තීරණයක් ගන්නා බවයි.