ඉතිහාසයේ පළමු වරට පැරාලිම්පික් රන් පදක්කමක් දිනූ දිනේෂ් ප්‍රියන්තට සුභ පතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.
ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ ශ්‍රී ලංකාව ඉහළින් තැබීමට ඔබ ගත් ප්‍රයත්නය අගයකරන බව ජනපතිවරයා සිය ට්විටර් පණිවුඩයෙන් සඳහන් කර තිබුණි.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ට්විටර් පණිවුඩයක් මඟින් ඔහුට සුබ පැතුම් එක් කර ඇත.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද ට්විටර් පණිවුඩයක් මඟින් දිනේෂ් ප්‍රියන්තට සුබපැතුම් එක් කිරීමට කටයුතු කර තිබුණි.
එමෙන්ම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් දිනේෂ් ප්‍රියන්තට සුභපැතුම් එක්කර තිබේ.
මේ අතර ඉතිහාසයේ පළමු පැරාලිම්පික් රන් පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්තට සමස්ත යුද හමුදාව මෙන්ම ත්‍රිවිධ හමුදාවේද සුභාශිංසන එක්කර සිටින බව යුද හමුදාපති ජෙනරල්, ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සටහන් කරමින් පළමු පැරාලිම්පික් රන් පදක්කම හිමිකර ගැනීමට හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් 2020 ටෝකියෝ පැරාලිම්පික් උලෙළේදී අද සමත්වී තිබුණි.
ඒ එම ඉසව්වේ නව ලෝක වාර්තාව ද තමන් සතුකර ගනිමිනි.
දිනේෂ් ප්‍රියන්ත 2004 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වන අතර 2008 වසරේදී ඔහු අවාසනාවන්ත ලෙස ආබාධිත තත්ත්වයට පත්වුණි.
අනතුරුව වසර 4ක් ප්‍රතිකාර ලැබීමෙන් පසු දිනේෂ් ප්‍රියන්ත හේරත් 2012 වසරේ පැරා ක්‍රීඩාවට පිවිසෙන අතර හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් අත්කරදීමට ඔහු සමත්වී තිබුණි.
2016 රියෝ පැරාලිම්පික් උළලේදී තමන්ගෙන් ගිලිහී ගිය රන් පදක්කම් සිහිනය වෙනුවෙන් වසර 4ක කැපකිරීම් සහ උත්සහය මත ඔහු මෙවර ටෝකියෝ පැරාලිම්පික් උළලට සහභාගීවන්නේ කණ්ඩායම් නායකත්වයේ වගකීමද භාරගනිමිනි.
ඒ අනුව ටෝකියෝ පැරාලිම්පික් උළලේ 6 වන දිනය වු අද උදෑසන F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහභාගී වෙමින් පළමු උත්සහායේදීම මීටර 62.58ක දක්ෂතාවයක් දැක්වීමට සමත් වුණි.
දිනේෂ්ගේ දෙවන උත්සහය මීටර 62.19ක් ලෙස සටහන් වෙද්දී තුන්වන උත්සහය ලෝක වාර්තාව අභිබවා යෑමට සමත් වුණේ මීටර් 67.79ක දක්ෂතාවයක් දක්වමින්.
ඒ අනුව එම ඉසව්වේ නව ලෝක වාර්තාව තමන් සතු කර ගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් එහි රන් පදක්කම ද දිනාගැනීමට සමත් විය.
මෙරට ඉතිහාසයේ පැරාලිම්පික් උළෙලක රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාවද මෙය වෙයි.