Ada-Derana-1140-X-60-S 1200 add-02

මෙරට කොරෝනා එන්නත ගත් අයගේ අතුරු ආබාධ සමීක්‍ෂණ කෙරේ..

114
11453136468821839297
add-01

පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මෙරට කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නත ලබා ගත් අයගේ අතුරු ආබාධ පිළිබඳ ව කරනු ලබන සමීක්ෂණයට තම අත්දැකීම් ලබා දෙන ලෙස එන්නත ලබා ගත් අයගෙන් කරනු ලබන කාරුණික ඉල්ලීම

කොවිඩ්-19 වසංගත රෝගය සහ ඉන් ආරක්ෂා වීම, දැනට ලෝකයේ වඩාත්ම අවධානයට ලක් වී ඇති කාරණාවයි. ඒ යටතේ ප්‍රතිශක්තිකරණ එන්නතට ලැබී ඇති අවධානය ඉතා ඉහලය. නමුත් ඇති විය හැකි අතුරු ආබාධ පිළිබඳ ව ලොවට ඇත්තේ අඩු දැනුමකි. එහෙත් එන්නත් නිපදවූ රටවල ජනතාවට එන්නත් ලබා දීමෙන් පසුව එම ජනතාව තුල ඇතිවූ අතුරු ආබාධ පිළිබද සීමිත හෝ තොරතුරු ඇතත් ඒවා ඒ ලෙසටම ශ්‍රී ලාංකීය ජනතාවට ආදේශ කළ නො හැක. මන්ද ලෝකයේ විවිධ රටවලට අදාළව එන්නත්වල අතුරු ආබාධ වල ස්වරූපය හා බලපෑම රටින් රටට වෙනස් විය හැකි බැවිනි. බොහෝ රටවල් ක්ෂණික ක්‍රියාමාර්ග ලෙස ඒ පිළිබඳව පර්යේෂණ කර එම දැනුම තම රටවල ජනතාවගේ සෞඛ්‍ය  තත්ත්වය  උපරිම අයුරින් ඉහළ නැංවීම සඳහා  යොදාගනිමින් පවතී.

අප රට තුලද මෙය කාලින අවශ්‍යතාවයකි. මේ නිසා දේශීය හා ජාත්‍යන්තරව පිළිගත් විද්වතුන් කණ්ඩායමක් විසින් කරනු ලබන මෙම සමීක්ෂණයේ දත්ත විශ්ලේෂණයෙන් හෙළිවන නවතම කරුණු සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සමඟ බෙදා ගැනීමට අපි අපේක්ෂා කරන්නෙමු.

අප ආයතනය මෙරට දේශීය පර්යේෂණ සංස්කෘතියේ දියුණුව උදෙසා  ක්‍රියා කරනු ලබන දේශීය සහ අන්තර් ජාතික පර්යේෂණ ජාලයකින්  සන්නද්ධ ආයතනයකි. අපගේ www.ird.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සම්බන්ධව උනන්දුව දක්වන ඕනෑම කෙනෙකුට එම තොරතුරු ලබා ගත හැක.

මෙම වැදගත් පර්යේෂණය සඳහා මෙරට  කොවිඩ් 19  ප්‍රතිශක්තිකරණ එන්නත් (ඇස්ට්‍රාසේනිකා, ස්යිනොෆාම් හෝ ස්පුට්නික් V එන්නත් වලින් කුමන හෝ එන්නතක්) ලබා ගත් පුද්ගලයන්ගේ අත්දැකීම් කෙටි ප්‍රශ්නාවලියක් මගින් අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්නා අතර මේ සඳහා ස්වේච්ඡාවෙන් සම්බන්ධ විය හැක. මෙම සමීක්ෂණයේ වැදගත්කම හා කාලීන අවශ්‍යතාවය හදුනා ගත්  එම එන්නත ලබා ගත් පුද්ගලයන්ගේ සහයෝගය අවශ්‍ය ව ඇත.

අන්තර්ජාල සබැඳිය