Ada-Derana-1140-X-60-S 1200 add-02

මෙහෙකාර දැරිය මියයාමේ සිද්ධියට මන්ත්‍රී රිෂාඩ් සැකකරුවෙකු ලෙස නම් කෙරේ

256
11453136468821839297
add-01
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ඉෂාලිනී ජූඩ් නමැති 16 හැවිරිදි දැරිය පිලිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ 05 වන සැකකරු ලෙස රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නම් කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනා ලබන ලබන 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද අධිකරණය නියෝග කළා.

ඒ එම නඩුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.