කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් මේ වසරේදී ඇඟලුම් කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව ලබන ආදායම සියයට 20 කින් පමණ පහත වැටෙනු ඇති බව ඒකාබද්ධ ඇඟලුම් කර්මාන්ත සම්මේලනය පවසනවා.
තුන්වන රැල්ලේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඇඟලුම් ශ්‍රමික ධාරිතාව කැපී පෙනෙන ලෙස පහත වැටීම ඊට හේතුවයි.
පසුගිය වසරේදී ද, ඇඟලුම් කර්මාන්තයේ ආදායම සියයට 26 කින් පමණ පහත වැටුණා.
මේ වසරේදී සියයට 20 ක අපගමනයක් වාර්තා වුවහොත් මෙරට ඇඟලුම් කර්මාන්ත ආදායම 2019 වසරේ ආදායමට සමවනු ඇති.
දැනට ක්‍රියාත්මක සංචරණ සීමා හේතුවෙන් ද, ඇඟලුම් කර්මාන්ත ශ්‍රමිකයන්ගේ පැමිණීම පහත වැටී ඇති අතර, බංග්ලාදේශය වැනි තරඟකාරි රටවල් ගෝලීය වසංගතය මධ්‍යයේ වුව ද, කර්මාන්තය පූර්ණ ධාරිතාවයෙන් පවත්වාගෙන යන බව ඒකාබද්ධ ඇඟලුම් කර්මාන්ත සම්මේලනය පෙන්වා දෙනවා.