Ada-Derana-1140-X-60-S 1200 add-02

මෝල් හිමියන් සහල් හංගන කුමන්ත්‍රණයක්…

83
11453136468821839297
add-01

මේ වන විට මෝල් හිමියන් විසින් සහල් හැංගීමේ කුමන්ත්‍රණයක් පවතින බවටත් කුමන බාධක පැමිණියත් අලුත් අවුරුද්දට සහල් කිලෝවක් රුපියල් 97 ක මිලකට ජනතාවට ලබ දීමට පියවර ගන්නා බවට කෘෂිකර් ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේය.

අමාත්‍ය වරයා මේ බව පවසා සිටියේ අද දින වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර් යාල යේ පැවති ග්‍රාමීය ආර් ථිකය නගාසිටුවීමේ ජාතික වැඩසටහනේ රැස්වීමක් පැවති අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ,

‘අද මේ වෙලා තියෙන්නේ කීප දෙනෙක් සිදු කරන කුමන්ත්‍රණයක්නේ මේ වෙන කොට වී මෙට්‍රික්ටොන් මිලියන 3.2 ක් නිශ්පාදනය වෙලා තියෙනවා සහල් මෙට්‍රික්ටොන් මිලියන 02 ක් ඒ කියන්නේ මාස 06 කට සහල් තියනවා සහල් හිගයක් තියෙන්න බැහැ නමුත් මේ මෝල් හිමියන් එකතු වෙලා සහල් හංගනවා ඒකයි ඇත්ත කතාව. මේ වෙන කොට වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නවා අද වෙනකොට වී මෙට්‍රික් ටොන් 40,000 කට ආසන්න ප්‍රමාණයක් මිලදී අරගෙන තියනවා අපේ බලාපොරොත්තුව ලක්ෂ 03 කට යන්න මොනව වුනත් අපි අලුත් අවුරුද්දට සහල් කිලෝවක් රුපියල් 97 ට සමූපාකාර සහ සතොස හරහා දෙනවා.

ඒ වගේම වැඩිමලිට මෝල් හිමියන් සහල් විකුණනවනම් අපිට සිදු වෙනවා පිටරටින් හරි සහල් ගෙනෙල්ලා නියමිත මිලට දෙන්න අපි ගොවියටත් රුපියල් 50 සහතික මිලක් දීලා තියනවා මෝල් හිමියන් වැඩි මිලක් දීලා වී ගත්තොත් අපිට පිටරටින් සහල් ගෙනෙල්ලා දෙන්න වෙනවා ඒකේ අවාසිය වෙන්නෙත් මෝල් හිමියටම තමයි මොකද සහල් මිල මෝල් හිමියන්ට ඕන විදිහට සහල් මිල වැඩි කරන්නත් බැහැ අපි ඒවටත් විකල්ප තීරණ ගැනීමට ඉදිරියේදී පියවර ගන්නාවා. යනුවෙනි.