යාපනය දිස්ත්‍රීක්කයේ සීඝ්‍රයෙන් වැඩිවන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හෙට (29) දින සිට සතියක කාලයක් යාපනය කලාපයේ සියලුම පාසල් වෙතට නිවාඩු දීමට තීරණය කොට ඇතැයි උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්.ඉලංකෝවන් මහතා පවසා සිටියේය.
යාපනය නගරයේ මේ වන විට දෛනිකව කොරෝනා ආසාදිතයින් වාර්ථා වීම ඉහල අගයක් පැවතීම හේතුවෙන් යාපනය දිසාපතිතුමන් ඇතුලු කොරෝනා මර්ධන කමිටුව විසින් අද්‍යාපන අමාත්‍යංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බවටද එම්.ඉලංකෝවන් මහතා පවසා සිටියේය.
මේ වන විට යාපනය නගර මධ්‍ය සම්පූරණයෙන් වසා සංචරණ සීමා පැනවීම හා නගරයේ කොරෝණා ආසාදිතයින් සමීපව ඇසුරු කරන්නන් යාපනය දිස්ත්‍රීක්කය පුරාවට තහවුරු වීමත් හේතුවෙන් පාසල් ළමුන්ගේ අරක්ෂාව උදෙස මෙලෙස යාපනය කපාලය තුල පිහිටි සියලුම පාසල් වෙතට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇත.
මේ අනුව මෙම සතියක කාලය පුරාවට සියලුම පාසල් ළමුන්ට පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිතව නිවෙස් වෙතට වී සිටින ලෙසටත් පාසල් ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමාපියන්ද වගකීමෙන් කටයුතු කරන ලෙසටද යාපනය සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් විසින් ඉල්ලා සිටියි.