Ada-Derana-1140-X-60-S 1200 add-02

යුදහමුදා සෙබලුන් දෙදෙනෙකු හප්පා දැව ජාවාරම් කරුවන් පලා යයි… සෙබලුන් දෙදෙනා රෝහලේ…

84
11453136468821839297
add-01

වව්නියාව ඕමන්ත යුදහමුදා මාර්ග බාධකයකදී අණනොතකා ධාවනය වූ කැබ් රථයක් යුදහමුදා සෙබලුන් දෙදෙනෙකුද අනතුරට ලක්කොට පලා ගොස් ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි.

ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේ පිහිටා ඇති යුදහමුදා මාර්ග බාධකයකදී ඊයේ සවස යුද හමුදා සෙබලුන් විසින් සැකකටයුතු කැබ් රථයක් නැවත්වීමට ගත් උත්සහයකදී කැබ් රථය විසින් නොනවත්වා නැවත්වීමට උත්සහ දැරූ යුදහමුදා සෙබලුන් දෙදෙනාද අනතුරට ලක්කොට පලා ගොස් ඇත.

පසුව යුද හමුදා සෙබලුන් විසින් අදාල කැබ් රථය පසුපස ලුහුබැඳීමෙන් අනතුරුව කැබ් රථයද මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්වී තිබියදී සොයාගෙන ඇතිඅතර සැකකරුවන් පලාගොස් ඇතැයිද පොලීසිය පැවසීය.

එහිදී කැබ් රථයේ ගැටීම හේතුවෙන් රාජකාරියේ නිරත යුදහමුදා සෙබලුන් දෙදෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත.

අනතුරුව කැබ් රථය පරික්ෂා කිරීමේදී කැබ් රථයේ බුරුත දැව තොගයක් පටවා තිබි ඇති අතර අදාල දැව තොගය බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කිරීම හේතුවෙන් යුදහමුදා සෙබලුන් නැවත්විමට ගත් උත්සහයකදී මෙලෙස නොනවත්වා ධාවනය කොට ඇතැයි පොලීසිය සැකපල කර සිටියි.

කෙසේ වෙතත් අදාල කැබ් රථයේ හිමිකාරීත්වය අනුව යුදහමුදා සෙබලුන් දෙදෙනෙකුද අනතුරට ලක් කොට පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඕමන්ත පොලීසිය මේ වන විට පුලුල් පරික්ෂණයක් අරඹා ඇත.