රියදුරු බලපත‍්‍ර මුද්‍රණය යුද හමුදාවට ලබා දීමෙන් මාස හතරට කෝටි විසි එකක් රජයට ඉතිරි වී ඇති බව යුද හමුදාව පවසයි.
2021 ජනවාරි මස 01 වැනි දා සිට පසුගිය අප්‍රේල් 15 වැනි දා දක්වා යුද හමුදාව විසින් රියැදුරු බලපත‍්‍ර දෙලක්ෂ දහනව දහස් අසූ දෙකක් මුද්‍රණය කර ඇත. එම කාලය තුළ රුපියල් විසිඑක් කෝටි අනූලක්ෂ අසූදෙදහසකට ආසන්න මුදලක් රජයට ඉතිරි වී ඇති බව යුද හමුදාව කියයි.
එසේම රියැදුරු බලපත‍්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ශ‍්‍රී ලංකා යුද හමුදාවෙන් ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව රියැදුරු බලපත‍්‍රයට නව විශේෂාංග කිහිපයක් එක් කිරීමටත් යුද්ධ හමුදාව කටයුතු කරමින් සිටින බව යුද හමුදාව කියයි.
වර්තමානයේ භාවිතයට ගැනෙන ‘චිපයක්’ සහිත රියැදුරු බලපත‍්‍රය වෙනුවට කේතයක් සහිත රියැදුරු බලපත‍්‍රයක් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතය. රියැදුරු බලපත‍්‍ර ආශ‍්‍රිතව සිදුකරනු ලබන අක‍්‍රමිකතා රැසක් වළක්වා ගැනීම එහි අරමුණ වී ඇත. එසේම නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනවලට සිය රාජකාරි කටයුතුවල දී පහසුවක් සැපයීම මෙම කේත ක‍්‍රමය හඳුන්වා දීමේ තවත් අරමුණ වී ඇත.