බලාගාර කිහිපයක තිබී යුරේනියම් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කිරීමට ඉරානය අසමත්ව ඇති බව අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය පවසනවා.
මෙම තත්ත්වය ටෙහෙරානය සහ බටහිර රටවල් අතර රාජතාන්ත්‍රික ගැටුම් ඇති වීම දක්වා වර්ධනය විය හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඉරානයේ බලාගාර 03කින් යුරේනියම් සොයා ගැනීමත් සමඟ ඔවුන් යුරේනියම් නිෂ්පාදනය කරන බවට චෝදනා එල්ල වුණා.
එම චෝදනා හමුවේ මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන ලෙසට එම ඒජන්සිය ඉරානයට දැනුම් දී තිබුණා.
එහෙත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට හැකි වී නැහැ.