පුංචි තිරය තුළ මේ දිනවල බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු දක්ෂ රංගන ශිල්පියෙක් තමයි සජිත ඈන්තනී කියන්නේ. සජිත කියනවාටත් වඩා ගොඩක් දෙනෙක් ඔහුව හඳුන්වන්නේ නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යයේ ඔහු විසින් නිරූපණය කරන සරා කියන චරිතයේ නමින්.
ඒ තරම් ඉහළ ප්‍රේක්ෂක ආදරයක් නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ සජිත විසින් නිරූපණය කරන මේ සරා කියන චරිතයට ලැබෙනවා. ඒ නිසාම වෙන්නැති පසුගිය දවසක රයිගම් ටෙලි සම්මාන රාත්‍රියේ දී ඔහුට ඒ සඳහා සම්මානයක් පවා හිමි කරගන්න අවස්තාව ලැබුනේ.
සජිතගෙ මුළු පවුලම කලාවට සම්බන්ධයි ඒ කියන්නේ ඔහුගේ අම්මා තාත්තා වන ජැක්සන් ඇන්තනිය සහ කුමාරී මුණසිංහ කියන දෙදෙනාත් ආදරණීය අක්කා සහ අයියත් කලා ලෝකයත් එක්ක අත්වැල් බැඳගෙන තමයි කටයුතු කරන්නේ. කෙසේ නමුත් පසුගිය කාල වකවානුව තුළදී රට තුළ පැන නැගිලා තියෙන ප්‍රශ්න සඳහා පිළිතුරු හොයන්න තරුණ තරුණියන් එළියට බැහැපු අවස්ථාවක සජිතත් ඒ වෙනුවෙන් ඔවුන් සමග අත්වැල් බැඳ ගත්තා.
ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම සමාජ මාධ්‍ය හරහා හෝ රූපවාහිනිය හරහා හෝ මේ වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරන්න ඔහු දෙපාරක් හිතන්නේ නැහැ. ඒ වගේම පසුගිය දවසක සජිත විසින් විනෝදාත්මක වැඩසටහනකට සහභාගි වෙලා අපුරුඅදහස් කීපයක් ඉදිරිපත් කළා. ඉතින් ඔහු කියූ ඒ ප්‍රකාශය පහතින් උපුටා දක්වා ඇත.