Ada-Derana-1140-X-60-S 1200 add-02

රටේ මීළඟ ජනපති මෙයලු !!!!

247
11453136468821839297
add-01

2024දී පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන්නේ නම් සහ මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් වීමටත් නොහැකි නිසා ඊට සුදුසුම පුද්ගලයා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කර තිබෙනවා.

එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මේ බව පැවසුවා.

කෙසේ වෙතත් ගෝටාභය රාජපක්ෂ මහතාට තවදුරටත් ජනාධිපතිධුරයේ සිටින්නැයි මෙරට ජනතාව එදා සේම ඉල්ලා සිටිනු ඇතැයි ද පැවසූ ඔහු විවිධ ප්‍රකාශ කර පොහොට්ටුව විනාශ කරන්න හදන අයගේ සිහින සැබෑ නොවන බවද සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ඉදිරිපත් නොවන්නේ නම් සියලු පක්ෂ එක් කරගෙන රටේ ජනතාවට සේවය කළ හැකි බුද්ධිමත් නායකයෙක් සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා පමණක් යැයිද ඔහු කියා සිටියා.

බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට එනවාට අකමැති අය මඩ ගසන බවත් එනමුත් ඔහුට හෝ පොහොට්ටුව වැට්වවීමට කිසිදු පුළුවන්කමක් නැති බවත් මන්ත්‍රීවරයා තව දුරටත් පැවසුවේ.