Ada-Derana-1140-X-60-S 1200 add-02

රට අරාජිකයි.. මානව හිමිකම් පිරිහිලා.. වැලිකඩට ඇමති පැන්නේ ඒ නිසා..

247
11453136468821839297
add-01

අමාත්‍යවරයෙකු බන්ධනාගාර සංකීර්ණයකට ඇතුළුවී සිදුකළ කලබැගෑනිය නින්දිත හා නීති විරෝධී එකක් යයි බවත් එය තරයේ හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මෙම සිදුවීමෙන් මෙරට අරාජකත්වය මැනවින් පෙන්වන බවද පවසන ඔහු මෙම ක්‍රියාව මෙරට මානව හිමිකම් තත්ත්වය සීග්‍ර ලෙස පහත වැටීම පිළිබඳ තවත් නිදර්ශනයක් යයිද කියා සිටියි.

අදාළ අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ද තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පවසයි.

එසේ පවසමින් ඔහු විසින් තබා ඇති සමාජ ජාල සටහන මෙසේය.

අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ රජයේ ඇමතිවරයෙකුගේ නින්දිත හා නීති විරෝධී හැසිරීම මම තරයේ හෙළා දකිමි. මෙම පිළිකුල් සහගත නීති විරෝධී ක්රියාව මගින් අපේ රටේ පවතින අරාජික තත්වය මනා සේ විදහා දක්වනු ලබයි. අපේ මාතෘ භූමියේ ජීවත්වන සියළුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මෙම රජය බැඳී සිටී. මෙම නීති විරෝධී සහ නින්දිත ක්රියාව වර්තමානයේ අපේ රටේ මානව හිමිකම් තත්ත්වය සීඝ්ර ලෙස පහත වැටීම පිළිබඳ තවත් නිදර්ශනයකි. මෙම අමාත්යවරයා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමි.