Ada-Derana-1140-X-60-S 1200 add-02

රට වසා දමන්නැයි මාධ්‍ය හමුවේ කියන කිසිදු සංගමයක් ජනපති සමග හමුවේදී එම ඉල්ලීම කර නෑ…

95
11453136468821839297
add-01

සති දෙකකට රටම වසා දමන්නැයි මාධ්‍ය හමු පවත්වමින් ඉල්ලා සිටින වෛද්‍ය සංගම් හෝ අනෙකුත් වෘත්තිය සමිතියක් කළ යුතුව ඇත්තේ තමන්ගේ යෝජනා ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කිරීම බව හමුදාපති සිල්වා මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාබය රාජපක්‍ෂ මහතා සමග ඊයේ දිනයේ පැවති එම කාර්ය සාධක බලකා හමුවේ දී කිසිදු වෛද්‍ය සංගමයක් හෝ සෞඛ්‍ය වෘත්තීය සංගමයක් එවන් ඉල්ලීමක් ඉදිරිපත් නොකළ බව ඔහු පැවසීය.

එවන් යෝජනා එම බළකාය කැඳවන අවස්ථාවේදී ඉදිරිපත් නොවීම යම්කිසි ආකාරයක ප්‍රශ්නයක් බවද ඔහු සඳහන් කළේය.

කිසියම් යෝජනාවක් හෝ අදහසක් ඇතිනම් මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කිරීමට පෙර තමන්ට ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිතුමන්ද එහිදී පැවසූ බවද හමුදාපතිවරයා පැවසීය.