Ada-Derana-1140-X-60-S 1200 add-02

රට වැසීම තවත් දීර්ඝ කරයි… මෙන්න දිනය

1478
11453136468821839297
add-01

දිවයිනටම බලපැවැත්වෙන පරිදි දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලබන 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු සාකච්ඡාවේදී අදාළ තීරණයට එළඹි බවය.

මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (10) දිනයේ පැවැති කොවිඩ් කාර්යසාධක බළකා රැස්වීමේදී තීරණ කිහිපයක් ගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ලබන 21 වනදායින් පසුව රට විවෘත කරන්නේ නම් ඒ සඳහා පැනවියයුතු සීමාවන් සහ අනෙකුත් කරුණු පිළිබඳ විස්තර වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බවද යුද හමුදාපතිවරයා පැවසීය.

“දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය 21වන අඟහරුවාදා උදෑසන 4 දක්වා දීර්ඝ කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නා.”

“සැප්තැම්බර් 21 වන දිනෙන් පසු ඉදිරි දිනවලදී රට විවෘත කරනවා නම් ඒ සඳහා පැනවිය යුතු සීමාවන් සහ අනෙකුත් කරුණු පිළිබඳව විස්තර වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදෙන ලෙස උපදෙස් දුන්නා. මෙම නිරෝධායන ඇඳිරිනීතිය පවත්වාගෙන යන කාලසීමාව තුළදී රටේ පවතින ආර්ථික මධ්‍යස්ථාන සියල්ලක්ම පෝය දිනය හැර අනෙකුත් දිනවල විවෘතව තබන ලෙසටත් උපදෙස් දුන්නා.”

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ නිරෝධායන ඇඳිරිනීතිය පැවතිය ද හෙට දිනයේ සිය සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණය කර ඇති බවය.