Ada-Derana-1140-X-60-S 1200 add-02

රට වැහුවේ නැතත් කොවිඩ් රැල්ල බහිනවා…! කුළී හේවායෝ හෙට තව පිරිසක් පාරට බස්සනවා….! සුළු පිරිසට යට වී රට වැසීම වැරදියි…!

298
11453136468821839297
add-01

රට වසා දැමිය යුතු යැයි කියන කණ්ඩායම් දෙක් ඇති බවත් ඒ අතර සිටින කුළී හේවායින් රට පුරා කොවිඩ් පතුරුවා රට වසා දැමීමෙන් පටු කුහක දේශපාලන අරමුණු ඉටු කර ගැනීම වීමංසා පදනමේ අධ්‍යක්ෂ, ආර්ථික හා දෙශපාලන විශ්ලේෂක ලක්ෂ්මන් සිරිවර්ධන පවසයි.

මේ වන විට රටවල් වසා දැමීම නිසා ඇති වන භයානක ප්‍රතිවිපාක පිළිබඳ ලොව පුරා පර්යේෂණ සිදුවන බවත් ඒ පිළිබඳ කිසිදු සොයා බැලීමක් ලංකාවේ නොමැති බවත් ලක්ෂ්මන් සිරිවර්ධන පෙන්වා දෙයි.

ඕනෑ ම කොවිඩ් රැල්ලක් ඉහළට නැග සති කිහිපයකින් නැවත පහළ බසින බවත් එහෙයින් ඉදිරියේ දී ලොක්ඩුවන් සීමාව ඉවත් කරන විට මෙම රැල්ල ද පහත බැසිය හැකි නමුත් එය ලොක්ඩවුන් නිසා ඇති වන දෙයක් දැයි ස්ථිර ලෙස කිව නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.

රට පුරා කොවිඩ් පතුරුවා රට වසා දැමීමට කටයුතු කළ කුළී හේවායන් පිරිස ඒ නිසා දුගීභාවයට පත්වන සුළු සුළු ව්‍යාපාර සහ කුලී වැඩ ආදිය කරන කණ්ඩායම් වෙත ගොස් එම ජනතාව නැවත ආණ්ඩුවට එරෙහිව උසි ගන්වනු ඇතැයි හෙතෙම සඳහන් කරයි.

ජනාධිපතිවරයා මාසිකව වැටුප් විශ්‍රාම වැටුප් ලැබෙන සුළු පිරිස ඇති කළ පීඩනය පදනම් කරගෙන රට වසා දැමීමට ගත් තීන්දුව නිසා බහුතර ජනතාව පීඩනයට පත්වන බවත් රට වසා දමා මෙම ප්‍රශ්නය කිසිදා විසඳිය නොහැකි බවත් ලක්ෂ්මන් සිරිවර්ධන අවධාරණය කරයි.