රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බව කියන නිවසක් පිටුපස ඝාතනය කර වළදමා තිබූ තරුණයන් දෙදෙනාගේ බවට සැකකෙරෙන සිරුරු මේවන විට සොයාගෙන තිබේ.
පොලිසිය පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු ලබාදුන් බවට ඇති වූ සැකයක් මත මෙම ඝාතන සිදුකර ඇති බවට සැකකරන බවය.
මාවනැල්ල කිරිංගදෙනිය හා කෙරමිණිය වත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනකු වන මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් සහ මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෂාඩ් නමැති තරුණයන් දෙදෙනා පසුගිය නොවැම්බර් 19 සහ 28 යන දිනවලදී අතුරුදන්ව ඇති බවට මාවනැල්ල පොලීසිය වෙත පැමිණිලි ලැබී තිබුණි.
එ අනුව, කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් කළ විමර්ශනවලදි රඹුක්කන හුරිමළුව ප්‍රදේශයෙ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවස පිටුපස තරුණයන් දෙදෙනා ඝාතනය කර වළදමා ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී තිබුණි.
අනතුරුව ඒ පිළිබඳව කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට පොලිසිය කරුණු වාර්තා කළා.
පසුව ඊයේ දිනයේදී කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යෙවරුන් ඉදිරියේදි මියගිය අයගේ සිරුරු සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කළේය.
ඒ අනුව ඊයේ (12) පස්වරු 5.30ට පමණ අදාළ නිවසේ කොන්ක්‍රීට් ලෑල්ලකට යටින් පොළොවේ උරයක් තුළ බහා වළදමා තිබූ සිරුරක් පොලිසිය විසින් පළමුව සොයා ගත්තේය.
අනතුරුව අද දිනයේදීද කැණීම් ආරම්භ සිදුකළේ අතුරුදන් වූ අනෙක් තරුණයාගේ මළ සිරුර සොයා ගැනීමේ අරමුණිනි.
ඒ අනුව අනෙක් සිරුර ද අද දහවල් සොයාගත් බව අප වාර්තාකරු පැවසුවේය.