හිටපු ඇමති රවි කරුණානායක මහතා ඇතුළු 08 දෙනෙකු එළැඹෙන 23 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
නීතිපතිවරයා විසින් අද ඔවුන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.
බන්ධනාගාර ගතකරන ලද ඔවුන් පිරිස මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
කොරෝනා ව්‍යාප්තිය මත බන්ධනාගාර ගත කරන සියලු සැකකරුවන් මුල් දින කිහිපය නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කරනු ලබයි.