Ada-Derana-1140-X-60-S 1200 add-02

රාජසන්තක කළ වියලි කහ කැබලි සහ කහ කුඩු අලෙවිට

246
11453136468821839297
add-01

රාජසන්තක කළ වියලි කහ කැබලි සහ කහ කුඩු කිලෝ ග්‍රෑම් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් කුළු බඩු අලෙවි මණ්ඩලය වෙත මුදාහළ බව ආනයන අපනයන පාලක දමයන්ති කරුණාරත්න පවසයි.

එහි කහ කුඩු කිලෝ ග්රූම් 18, 500ක් පමණ ද වියලි කහ කැබලි 81, 500ක් පමණ ද තිබූ බව ආනයන අපනයන පාලකවරිය කීවාය.

මෙම කහ තොගය ඉකුත් මාසයේ රේගුවෙන් මුදාහල බවත් එය කුළු බඩු මණ්ඩලය විසින් සුදුසු අයුරින් ජනතා පරිභෝජනය සඳහා නිකුත් කරනු ඇති බවත් ඇය ප්‍රය.

එම කහ තොගය කුළුබඩු අලෙවි මණ්ඩලය වෙත ලැබී ඇති අතර පරිභෝජනයට සුදුසුද යන්න පිළිබඳව පරික්ෂණ කරමින් සිටින බව කුළුබඩු අලෙවි මණ්ඩලයේ සභාපතිනී කුමුදුනී ගුණසේකර සඳහන් කරයි.

පරික්ෂණවලින් පසු කුළුබඩු අලෙවි මණ්ඩලය හරහා ද සතොස හරහා ද අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවත්. එම කහ ග්රූම් සියය රුපියල් දෙසීය බැගින් අලෙවි කිරීමට කටයුතු කරන බවත් ඇය වැඩි දුරටත් කියා සිටියාය. මේ වන විට වෙළඳපොළේ කහ කුඩු අධික මිලකින් යුක්ත වන අතර ග්රූම් සියය රුපියල් දහසකට ආසන්න මුදලකට අලෙවි වෙයි.