Ada-Derana-1140-X-60-S 1200 add-02

රොනාල්ඩෝ මෙවර යුරෝපීය තරගාවලියේදී සමු ගනී ද ?

179
11453136468821839297
add-01

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරට කල් දැමුණු 2020 යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලිය ලබන 11 වනදා ඉතාලියේදී ආරම්භ වීමට නියමිතයි.

වසර 63 ක යුරෝපීය පාපන්දු ඉතිහාසයේ මෙවර ප්‍රථම වරට තරගාවලිය නගර 11 කදී පැවැත්වීම විශේෂත්වයක්.

අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේදීයි.

මෙවර යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලිය ලොව ප්‍රකට පාපන්දු ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගේම අවසන් යුරෝපීය තරගාවලිය වනු ඇති.

ඒ අතර, ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙස රන් පාපන්දුව කිහිප වරක්ම ජයග්‍රහණය කළ 36 හැවිරිදි පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ද සිටිය හැකි බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත්, අලි ඩේයිගේ ජාත්‍යන්තර ගෝල 109 ක වාර්තාව අභිබවා යාමට ඔහුට අවශ්‍ය වන්නේ තවත් ගෝල 7 ක් පමණයි.