මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන රජයට පවරා ගත් වෙස්ට්හොල් ප්‍රාදේශිය රෝහල වසර තුනක් තිස්සේ වසා දමා තිබිම නිසා රෝහල අවට වතු 06 ක රෝගින් දැඩි අසිරුතාවයට පත් ව ඇත.
2009 වසරේ වතු රෝහලේ රජයට පවරා ගැනිමේ ව්‍යාපෘතිය යටතේ වෙස්ට්හොල් වතු රෝහල රජයට පවරාගෙන විශාල මුදලක් වැය කර එම රෝහල නවිකරණය කර 2018 වසර දක්වා පවත්වාගෙන පැමිණි බවයි එම රෝහල අවට පදිංචිකරුවන් කියා සිටින්නේ.
නේවාසිකව 30 දෙනෙකුට ප්‍රතිකාර ලබාගැනිමට හැකි පහසුකම් ගණනාවකින් සමන්විත එම රෝහලේ වසර 03ක සිට කිසිදු වෛද්‍යවරයෙකු සේවයේ යෙදි නොසිටින බවත්,නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ හෙද නිලධාරිනියන් විසින් මාසකට එක් වතාවක් එම රෝහලට පැමිණ සායන කටයුතු වලට සහභාගි වන රෝගින්ගේ වෛද්‍ය වාර්තා පරික්ෂා කර බලා ඖෂද පමණක් ලබාදෙන බවයි එම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින් කියා සිටින්නේ.
රෝහල අවට පිහිටි ඇතටන් , රිලාගල , වෙස්ට්හොල් , බාර්කේපල් , බාරන්ඩා, බොහිල් , කඩියන්ලෙන වතු වල පදිංචි රෝගි ජනතාව ප්‍රතිකාර ලබා ගැනිමට මෙම රෝහලට පැමිණි බවත්, එම රෝහලේ සිට නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට කිලෝමිටර් 13 ක් යා යුතු බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.
වෙස්ට්හොල් ප්‍රාදේශිය රෝහල වසා දැමිම නිසා එම රෝහල තුල තිබෙන වෛද්‍ය උපකරණ සහ ගොඩනැගිලි විනාශ වෙමින් පවතින බවත්, රෝහල අවට භුමියද දැඩි අපිරිසිදු තත්ත්වයෙන් පවතින බවයි එම රෝහල අවට පදිංචිකරුවන් කියා සිටින්නේ.
පවත්නා තත්ත්වය මත එම රෝහලට වෛද්‍යවරයෙකු සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර රෝහල යලිත් විවෘත කරන ලෙසයි නාවලපිටිය වෙස්ට්හොල් ප්‍රාදේශිය රෝහල අවට පදිංචිකරුවන් ඉල්ලා සිටින්නේ.