Ada-Derana-1140-X-60-S 1200 add-02

රෝහල් ධාරිතාව ඉක්ම යාමේ අනතුරක්…! අවදානමක් නොමැති කොවිඩ් රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර….!

85
11453136468821839297
add-01

කොරෝනා ආසාදිත එහෙත් අවදානමක් නැති රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමේ බව ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වන විට රෝහල් ධාරිතාව ඉක්මවා යාමේ අවදානමක් තිබෙන හෙයින් එවැනි යාන්ත්‍රණයක් සකස් කිරීම වැදගත් බව ද ජනාධිපතිවරයා සමග ඊයේ (10) පැවැති සාකච්ඡාවක දී තම සංගමය පෙන්වා දුන් බව ද එම සංගමය කියයි.

ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ට ඔක්සිජන් හා දැඩි සත්කාර ඒකක තව තවත් අවශ්‍ය බව ද වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකුගේ සක්‍රීය දායකත්වය පමණක් සිදුවන හෝ වර්තමාන ක්‍රියාවලිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් යටතේ ක්‍රියාත්මකවන පුළුවන් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සමන්විත කමිටුවක් මගින් සිදු කළ යුතු බව ද එම සාකච්ඡාවේ දී පෙන්වාදුන් බව රජයේ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.