Ada-Derana-1140-X-60-S 1200 add-02

ලංකාවට ටුවරිස්ට්ල 15000ක් එද්දී ලක්ෂ 4.5ක් මාලේ ගිහින්….! ටුවරිස්ලගෙන් කොවිඩ් හැදෙනවා නම් මාලේ ලක්ෂ 60ක් ආසාදිතයෝ ඉන්න ඕන…! – උදයංග වීරතුංග..

80
11453136468821839297
add-01

ලංකාවට සංචාරකයින් පැමිණි පමණින් කොවිඩ් වසංගතය ව්‍යාප්ත වේ යැයි සිතීම මුලාවක් බව හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග පවසයි.

ඔහු සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් මෙසේ ය.

“මෙම වසරේ ජනවාරි සිට මැයි අතර කාලය තුළ 454,383කට අධික පිරිසක් ජෛව බුබුල සංකල්පය යටතේ මාලදිවයින පැමිණෙන විට ඒ කාලයේ දී ලංකාවට සංචාරකයින් පැමිණ ඇත්තේ 15,000 කට ආසන්න පිරිසක් පමණි.

මාලදිවයිනට සංචාරකයන් පැමිණීමට සාපේක්ෂව අපේ රටට සංචාරකයන්ගේ පැමිණීම 3% ක් වන අතර, එහි සංචාරක හොටල් 80% ක් පිරී ගොස්ය. එසේ නම් සංචාරකයන් ගෙන්වීම හේතුවෙන් මෙරට වසංගතය පැතිරුණා නම්, අපගේ රටට සාපේක්ෂව එරට ලෙඩුන් 30 ගුණයකින් වැඩිවිය යුතුය.

ලෙඩුන් වාර්තා වීම අතින් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින අතරේ විශාල වෙනසක් නැත. එකම වෙනස වී ඇත්තේ සංචාරක බුබුල යටතේ එරට සංචාරක ව්‍යාපාරය ඉදිරියෙන් සිටීමයි.

මේ කිසිදු යහපත් ක්‍රියාවක හොඳක් නොදකින විරුද්ධ පාර්ශ්වයන් දිගින් දිගටම නගන ලද චෝදනා හමුවේ මේ වනවිට සංචාරකයන් ගෙන්වීම තාවකාලික ව නතර කර වී ඇති නමුත් ළඟදීම රුසියානුවන් රැගෙන එන්නෙමු.”