Ada-Derana-1140-X-60-S 1200 add-02

ලංකාවේ වැරදි හොයන්න වෙනම කාර්යාලයක් අරී… නඩු දමන්න සාක්‍ෂි එකතු කරයි..

84
11453136468821839297
add-01

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහිදී සම්මත කරන ලද යෝජනාවන් ක්‍රියාත්මක කිරීම සඳහා මානව හිමිකම් කොමිසම විසින් විශේෂ කාර්යාලයක් පිහිටු වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් වල පැරණි තොරතුරු සාක්ෂි රැස් කිරීමත්, මෙරට වර්තමාන මානව හිමිකම් ප්‍රශ්න ගැන අධීක්ෂණය කිරීමත් මෙම කාර්යාල පිහිටුවීමේ අරමුණයි.

ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 28 ක මුදලක් වෙන් කිරීමට නියමිතය.

කිසියම් රටක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් වලට එරෙහිව නඩු පැවරැවහොත් ඒ සඳහා අවශ්‍ය සාක්ෂි සැපයීම සදහා මෙම කාර්යාලයට බලය ඇත.

එමෙන්ම ඊට වෙනම නීති උපදේශකයන් පිරිසක් පත් කිරීමට නියමිතව තිබේ.