Ada-Derana-1140-X-60-S 1200 add-02

ලිත්‍රො-ලාෆ් එක් කර නව සමාගමක්.. ගෑස් මිල වැඩිකිරීමට සාකච්චා..

223
11453136468821839297
add-01

දේශීය වෙළඳපොලේ ගෑස් මිල ඉහළ නැංවිම සඳහා මෙරට සමාගම් විසින් රජයෙන් අවසර ඉල්ලා තිබේ.

ලාෆ් ගෑස් සමාගම මෑතක දී මිල වැඩි කිරීමක් සිදු කළ ද ඔවුන් සඳහන් කරන්නේ තවදුරටත් පාඩු ලබමින් සිටින බවයි.

ලිත්‍රො ගෑස් සමාගම මේ වන විට අලාභ මත වෙළඳාම යෙදෙයි.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරන්නේ ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහළ යාම නිසා ගෑස් මිල ඉහළ නැංවිය යුතු බවට සමාගම රජයට යෝජනා කර ඇති බවයි.

මේ පිලිබදව තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු සඳහන් කර සිටී.

මේ අතර ලිත්‍රො සුරැකීමේ ජාතික එකමුතුව පෙන්වා දෙන්නේ ගෑස් සමාගම් දෙක ඒකාබද්ධ කර නව ආයතනයක් පිහිටුවා ඇති බවයි.

ඒ හරහා ලිත්‍රො සමාගම අනාගතය සම්පූර්ණයෙන්ම අනතුරේ හෙලා ඇති බවද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.