ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල කල්දැමීමට තායිලන්තය තීරණය කර තිබෙනවා.
ඒ එම එන්නත් ලබාදුන් කිහිපදෙනෙක්ගේ “ලේ කැටි ගැසීම්” ගැන රටවල් කිහිපයකින් වාර්තාවීමත් සමග යි .
නමුත් ඒ ගැන පැහැදිලි සාක්ෂි නොමැති බව වෛද්‍ය විශේෂඥයෝ පවසනවා.
ඩෙන්මාර්කය සහ නොර්වේ මේ වනවිට ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත් ලබාදීම තාවකාලිකව නවතා තිබෙනවා.
මේ වනවිට යුරෝපයේ මිලියන 5කට පමණ ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදී ඇති අතර ඉන් 30 දෙනෙකුට පමණක් රුධිරය කැටි ගැසීමේ සංකූලතා ඇතිවී තිබුණා.