ඉන්දන මිල වැඩි වීම වර්තමානයේ කාටත් ලොකු ප්රශ්නයක් වෙලා.නමුත් ඉන්දන ප්රශ්නයට අති සාර්තක විසඳුමක් ඉදිරිපත් කිරීමට ගාල්ල යක්කලමුල්ල ප්රදේශයේ ශිෂ්යයෙකු වන සුපුන් මදුශංක සමත් වී තිබෙනවා.
ලෝකයේ ප්රතම වරට සම්පූර්ණයෙන්ම වතුර පමණක් යෙදාගෙන සාර්තකව ධාවනය කළ හැකි මෝටර් සයිකලයක් ඔහු විසින් නිපදවා තිබෙනවා. ඔහුගේ මේ නව නිර්මාණය ඇමෙරිකාවෙ නාසා ආයතනයේ විශේෂ අවධානයට ලක් වෙලා. ඔහුට ඇමෙරිකාවෙන් ශිශ්යත්වයක් පවා හිමිව තිබෙනවා. සුපුන් දැනට විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ ඉගෙනගන්නවා.
කුඩා කල සිටම ඔහු නව නිර්මාණ කිරීමට දක්ශයෙක්.මේ වන විට සුපුන් විසින් නව නිමාණ 100කට වඩා කරලා තියෙනවා. නමුත් ඔහුට අත දීමට කිසිවකු ඉදිරිපත් නොවීම ඛේදවාචකයක්.
ඔහු මේ නව නිර්මාණ වලට අඩිතාලම ලබාගත්තේ සීයාට අයත්ව තිබූ ගරාජයෙන්. ඉතා හොඳින් අද්යාපන කටයුතු කරන සුපුන් ගණිත අංශයෙන් උසස්පෙළ විශිෂ්ට ලෙස සමත් වී ඉංජිනේරු පීටයේ දැනට ඉගෙනගන්නවා.
සුපුන් මුල් වරට නව නිර්මාණයක් සඳහා ජාත්යන්තර ඇගයීමට ලක් වන්නේ පාසල් යන අවදියේ නිර්මාණය කළ සුළං බලයෙන් ගුවන්ගත වන හෙලිකොප්ටරයක් සෑදීම නිසා. නියමුවා සමග තවත් දෙදෙනෙකුට ගමන් කිරීමට හැකියාව පවතින එම හෙලිකොප්ටරය අති සාර්තකව ගුවන්ගත කර අත් හදා බලා ඇත. නමුත් පැනනැගුනු නීතිමය ප්රශ්න නිසා එම හෙලිකොප්ටරය මේ වන විට අතැර දමා දිරාපත් වෙමින් පවතිනවා.
“මම ඉංජිනේරු ශිෂ්ණයෙක්. මට උවමනාවක් තියෙන්නේ ලංකාව කවදාහරි ලෝකේ දියුණුම රටක් කරන්න. ඒකට එකම මග තමා අලුත් විදිහට හිතලා නව දැනුමින් යමක් ලෝකෙට හඳුන්වා දීම. මගේ නිර්මාණ වලට කවුරුහරි උදවු කරනවානම් මට පුලුවන් ලංකාවට ඩොලර් ගෙනල්ලා දෙන්න.
මගේ අලුත්ම සොයාගැනීම වතුරෙන් දුවන යතුරුපැදියක්. මෙය නිර්මාණය කරන්න මම බොහෝ කාලයක් පර්යේෂ්න කළා. බොහෝ වතාවක් උත්සාහය අසාර්ථක උනා. නමුත් මගේ උත්සාහය නිසා සාර්ථක කරගන්න පුලුවන් උනා. එලෙක්ට්රොනික් සර්කිට් පද්දතිය අලුතින්ම මේ සඳහා මම නිර්මාණය කළා. මීට පෙර ලෝකයේ කිසිම කෙනෙක් මේ වගේ දෙයක් කරලා නැහැ. මේ සඳහා මම සාමාන්ය යතුරුපැදියක් අරගෙන එහි තෙල් ටැංකිය කාබ්යුරේටරය ස්පාක්ප්ලග් විදුලි පද්දතිය ඇතුළු කොටස් ගණනාවක් අවශ්ය විදිහට නැවත නිර්මාණය කරගත්තා. මෙයට වතුර ලීටරයකින් කිලෝමීටර් 40-50 අතර දුරක් දාවනය කරන්න පුලුවන්. පිරිසිදු වතුර යොදාගන්න ඕන. සම්මන්යෙන් පැයට කිලෝමීටර් 120 පමණ උපරිම වේගයකින් යන්න පුලුවන්.
අපි පොඩි කාලෙ ඉඳන්ම අහලා තියෙන දෙයක් තමයි වතුරේ යම් ශක්තියක් ගැබ් වෙලා තියෙනවා කියන එක. ඉතින් මම මෙහිදී එම ශක්තිය අරගෙන ඵ්ලදායී විදිහට යොදාගෙන තියෙනවා. මේ වන තෙක් ලෝකයේ කිසිම කෙනෙක් ඒ ශක්තිය ඵලදායී ලෙස ලබාගන්න බෑ කියන මතයේ හිටියේ. නමුත් මම තදින්ම විශ්වාස කළා මෙ කළ හැකි බව. මට ආඩම්බරයි හෙළ යක්ඛ පුතෙක් හැටියට ලෝකයක්ම කරන්න බැහැ කියන මතයේ සිටි දෙයක් කරලා පෙන්නන්න පුලුවන් වෙච්ච එක ගැන. ලෝකයටම පෙන්නන්න පුලුවන් උනා ලංකාව කියන පුංචි රටේ ඉන්න බුද්ධිමතුන් ගැන.
නමුත් මට මේ දේවල් කරන්න කිසිම කෙනෙකුගෙන් ආධාර උපකාර ලැබිලා නැහැ. සීයාට අයත් කුඹුර උකස් කරලා තමයි නව නිර්මාණ වලය අවශ්ය මුදල් සොයාගත්තේ. දැන් කුබුර සින්න වෙන්න යනවා. මම රජයෙන් ආධාරයක් ගන්න ඇමතිවරු ගාවටත් ගියා නමුත් ඵ්ලක් උනේ නැහැ. ඇමති කෙනෙක් උදව් කිරීමට නම් ලිංගික අල්ලස් ලබා දෙන ලෙස පැවසුවා. ඉන් පසු මම ගියේ නැහැ.
මට නාසා ආයතනෙයෙන් පවා ආරධනා ලැබිලා තියෙනවා ඔවුන් සමග සම්බන්ද වෙලා ඉදිරියට වැඩකටයුතු කරන්න කියල. නමුත් මම ගියේ නැහැ. මට ඕන අපේ රටට සේවයක් කරන්න. නමුත් ඉදිරියේදී මේ දේවල් වලට සහයෝගයක් නොලැබුනොතින් මම ඔවුන්ගේ ආරාධනය පිලිගෙන ඇමෙරිකාවට යාවි.”