Ada-Derana-1140-X-60-S 1200 add-02

ව්‍යාජ පත්‍රිකාවක් ගැන පොලීසියෙන් නිවේදනයක්

219
11453136468821839297
add-01

පොලිස් නිල ලාංඡනය භාවිත කරමින් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පත්‍රිකාවක් පැතිර යන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ “නිරෝධායනය කරන ඔබ වෙත කරන කාරුණික දැනුම්දීමයි“ යන ශිර්ෂය යටතේ එම පත්‍රිකාව ප්‍රචාරය වන බවය.

එම පත්‍රිකාව ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කරන ලද්දක් නොවන බවත් එවැනි ව්‍යාජ පත්‍රිකාවක් ප්‍රචාරය වන්නේ නම් එය අසත්‍ය පුවතක් වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

  • ඒ අනුව පත්‍රිකාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය කිසිදු වගකීමක් දරන්නේ නැති බවත් එවැනි පත්‍රිකාවක් නිර්මාණය කර අන්තර්ජාලය හරහා බෙදා හැරීම සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය විසින් පරීක්ෂණ පවත්වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.