වාහන ආනයනකරුවන් වර්තමානයේ දී මුහුණ පා ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවති බවත් එහිදී කෝටා ක්‍රමයකට වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදීම හෝ එවැනි කරුණක් ගැන කිසිදු එකඟත්වයක් සිදු නොවූ බවත්,
ශ්‍රී ලංකාවට මෝටර් රථ ආනයනය කරනු ලබන ආනයනකරුවන්ගෙන් සැදුම්ලත් ප්‍රධාන සංගම් දෙකක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ශ්‍රී ලංකා මෝටර්රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති එස්.කේ. ගමගේ සහ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ යන මහත්වරුන් විසින් අද (10) දින ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකරමින් පවසන්නේ මෝටර් රථ ආනයනය සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් පළව ඇති මාධ්‍ය වාර්තා සාවද්‍ය ඒවා බවයි.