Ada-Derana-1140-X-60-S 1200 add-02

විදුලි ගාස්තුව ඉහළ දැමීම ගැන කොමිසමේ තීන්දුව ?

36
11453136468821839297
add-01
විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ සිය කොමිසමේ තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බවය.
අදාළ ඉල්ලීම පිළිබඳව ඉදිරිපත් වී ඇති දත්ත පරීක්ෂා කර අධ්‍යයනය කරමින් පවතින අතර සිදුකළ යුතු සංශෝධන ඇත්නම් එය විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කර ලබන මස 15 වනදා ට ප්‍රථම ප්‍රකාශයක් සිදුකරන බව ජනක රත්නායක මහතා සඳහන් කළේය.
මේ අතර විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුව ද එය මෙතෙක් ක්‍රියාත්මක කිරීමට අදාළ නියෝග ලබා දී නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එහි සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ විදුලිබිල වැඩිකිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම දැනුවත් කර ඉන් අනතුරුව ලබාදෙන උපදෙස් සහ නියෝග මත වැඩිකළ විදුලි ගාස්තුව අයකර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවය.
මේ  වන විටත් විදුලි ගාස්තු වැඩිකිරීමට අදාළ සියලු දත්ත විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට ලබාදී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා වැඩිදුැටත් සඳහන් කළේය.