නුවරඑලිය පොලිසියට යාබදව පිහිටි සතිපොලට රැගෙනවිත් අතහැර දමා ගොස් ඇති අවු 75 පමණ වයසැති මහළු මවගේ භාරකරුවන් සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය (31) දින විමර්ෂණයක් ආරම්භ කර ඇත.
(30) දින පස්වරුවේ එම මව සතිපොල භුමිය වෙත රැගෙනවිත් අතහැර දමා යන්නට ඇති බවයි සතිපොල භුමිය අවට පදිංචිකරුවන් කියා සිටින්නේ.
එම මවගේ භාරකරුවන් පිලිබදව කිසිවක් නොකියන එම මව නුවරඑලිය මාගස්තොට ප්‍රදේශයේ සිටි බවත්, තවත් විටක නුවරඑලිය ලබුකැලේ පදිංචිව සිටි බවට පොලිසිය වෙත පවසයි.
(30) දින පස්වරු සිට නුවරඑලිය සතිපොල භුමියේ භාරකරුවෙක් නොමැති මහළු මවක් සිටින බවට ප්‍රදේශවාසින් විසින් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මත නුවරඑලිය පොලිසිය විසින් (31) දින විමර්ෂණයක් ආරම්භ කර ඇත.
සිය අනන්‍යතාවය තහවුරු නොකරන එම මව පිලිබදව නුවරඑලිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.